මට පෙර පරම්පරාවට පින්සිදුවන්නට bankrupted රටක ජීවත් වන තරුණයෙක් වීමට සිදුවුනි.එම පරම්පරාවෙ ගොබ්බම කොටස රට පාලනය සදහා යෙදවීමට ඔවුන් ක්‍රියා කලේ මන්දැයි සිතට නැගෙන්නේද නැත.මේ රටට මෙසේ වීමට ප්‍රධාන හේතුව දූශිත දේශපාලනය සහ කිසිදු තැකීමකින් තොරව ගත් ජනතා තීරණ ය.මා දන්නා තරමින් දූශිත දේශපාලනයේ පියා මහින්ද ය.ඔහුගේ සොයුරන් ද ඊට නොදෙවෙනි ය.එතකොට ඉතුරු අය හොදයි ද?ඔබට හිතෙනව නම් ඔයාගේ එයා හොදයි කියලා එහෙනම් ඔයා TV බලනවා වැඩි.මොකද ලංකාවේ ජනතාවගේ දේශපාලන දැනුමේ බෙලහීනත්වයට ප්‍රධාන හේතුව ප්‍රධාන රූපවාහිනී මාධ්‍ය යි.ඔවුන්ගේ දේශපාලක ගැදි මාධ්‍ය හැසිරවීම නිසා ජනතාව රැවටුනු වාර අනන්ත ය.2009-2019 කාල වකවානුව තුළ මේ මාධ්‍ය විසින් ගෙන ගිය මහින්දවාදී වැඩසටහන අවසන් වූයේ ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් වීම හා උගන්ඩාව පොහොසත් වීම මගිනි.තවමත් මහින්දවාදීන් සීටීම දුකකි.නමුත් මාගේ පරම්පරාවෙන් මේ වහල්බාවය අවසන් වීමට හැකි බව දකින්නට ලැබුනි.#gota go home අරගලය වැනි ඉතිහාසය පොතේ මාතෘකාවක් සියැසින් දැක ගැනීමට භාගයවන්ත වුනෙම.ඒ Legendary movement එක අතුලේ anonymous save us ගොබ්බයන්ද සිටියේ ය.නමුත් මේ උගුලෙන් තවමත් ගැලවී නොමැත.මන් ද තවමත් මහින්දවාදියෙක් presidentය."ආ එයා තමා හොද බලන්නකො ඔය ලස්සනට handle කරන්නෙ".එය මෙසේ පැහැදිලි කරන්නම.ඔයා සෙරෙප්පු දෙකක් දාගෙන යනවා.යද්දී එක්කෙනෙක් ඔයාගෙ සෙරෙප්පු දෙක පාගන් යනවා එකක පටියක් කැඩෙනවා.ඔයාට පේනව ළගම සෙරෙප්පු හදන පොරක් ඉන්නවා.ඔයා එයාට කියල සෙරෙප්පුව හදා ගන්නවා."මරුනේ ඉක්මනින්ම හැදුවා thank you".සමහරවිට ඔයාගෙ සෙරෙප්පුව කැඩිම හා ඒ ළගම repair කරන කෙනෙක් සිටීම අහබුවක් නොවන්න පුලුවන්.මතක තියා ගන්න ඔයා දාන් ගියේ කැඩිච්ච සෙරෙප්පු දෙකක් නොවේ.
මේ කාල වකවානුව තුල අපි ආගමික පුනරුදයකට අත් පොත් තබමින් සිටී යැයි කිව හැකිය.ආගම් තුල ප්‍රශ්න අසමින් සියලු දේ ඇසූ පමණින් සත්‍ය යැයි නොගෙන ප්‍රශ්න කරමින් සීටි.ආගම් යනු මිනිසුන්ගේ විශ්වාස මත ගොඩනැගුන සිතිවිලිද?.බුද්ධ දර්ශනය අතුල සියලු දර්ශනයන්ගේ නූතනය තුල පිලිගත නොහැකි කරුණු තිබෙන නමුත් මිනිසුන්ගේ විශ්වාස තුල සෙල්ලම් කිරීම නුවණට හුරු නැත.මන් ද විශ්වාස ගිලිහී ගිය තැන්හි මිනිසා මුර්ගයෙකු විය හැකි බැවිනි.මේ පුනරුදයට ප්‍රධාන හේතුව දේශපාලන කල්ලි සහ සමහරක් වූ දූශිත භික්ෂූන් ය.ආගම නාමයෙන් කූඨ වැරදි කරත් මිනිසුන් ආගම් භක්තිය නිසා දොස් නොනගයි සිතා බලය ලබා ගත් වාර බහුල ය.මේ නිසා බහුතරයක් ආගම් තුල තිබූ අන්ධ භක්තිය අවසන් කර ස්ව්‍යං පරීක්ෂණ වල නියැලී සත්‍ය සොයා යාමට පෙළබිනි.මා සිදු කල ස්වයං අධ්‍යනයේදී විද්‍යාව සහ බුද්ධ දර්ශනය මුහුවන ස්ථානයක් හමුවුනි.බුද්ධ දර්ශනයේ යම් තැනක දර්ශනය විනාශ වී නොබෝ කලකින් ලෝක විනාශය සිදුවන බවත්,ඒ වන විට පෘථිවිය තුල ජීවත් විය නොහැකි බවත්,මුරුඝසන් වර්ශා වහින බවත්,ඉරවල් 7 පායන බවත් පවසයි.මේ සිදූවීම් ගැන විද්‍යාත්මකව බලමු.නූතන විද්‍යාවේ එක theroy එකක් මා උකහා ගන්නම්."...

Keep it up bruh 🙌🏽 awesome stuff !
ReplyDelete